ජාන්වි ක්‍රිකට් පුහුණුවෙන්නේ විඩියෝවක් අන්තර්ජාලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජාන්වි කපූර් ක්‍රිකට් පුහුණුවිම් කරන විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ. ඇය අත් ආවරණ, පා ආවරණ සහිතව සැහැල්ලු පන්දුවකට පහර දෙන අයුරු මෙම විඩියෝවේ දකින්නට ලැබේ.

මෙම විඩියෝගත් පුද්ගලයා විසින් සඳහන් කර ඇත්තේ ජාන්වි ක්‍රිකට් ක්‍රීඩිකාවක් පාදක කරගෙන නිර්මාණය වන බොලිවුඩ් චිත්‍රපටයක පෙර පුහුණුවිමක් මෙහිදි සිදුකරමින් සිටි බවය. කෙසේ වෙතත්, මේ බව තවමත් නිල මට්ටමින් තොරතුරක් වාර්තා නොවන අතර, ජාන්විගේ සමාජ පිටු අතරේ හෝ මෙහි ඡායාරූපයක් පළ වී නොතිබීම කුතුහලයට තුඩුදෙන කාරණයක් බවට මෙම සිදුවීම පත්ව ඇත.