දකුණු ඉන්දීය නළු ධනුෂ්ගේ වසර 18ක විවාහය අවසන් වීමට හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා හා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් අතර වසර 18ක් පැවති විවාහ දිවිය මීට දින කිහිපයකට පෙර අවසන් විය. ප්‍රසිද්ධියේම පසුගියදා ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණි.

දැනට දරුවන් දෙදෙනෙකුගේ මාපියන්ද වන ධනුෂ් හා අයිශ්වර්යා තවමත් නිල නොළත් මට්ටමේ සිය දික්කසාදය පවත්වගෙන බවට තොරතුරු ලැබේ. අයිශ්වර්යා තවමත් ඇගේ සමාජ පිටු අතරේ අයිශ්වර්යා එස්. ධනුෂ් ලෙස සිය නම වෙනස් නොකර භාවිතා කරමින්ද සිටියි.