ශිල්පා ෂෙට්ටිට 46 යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශිල්පා ෂෙට්ටි සිය 46 වන උපන් දිනය සැමරුවේ ජූනි 8 දාය. ඇගේ සැමියා රාජ් කුන්ද්‍රා ඇයට සුබ පතා ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කළ පණිවිඩය සමඟ තිබුණේ ඇය මේසයක් මත නර්තනයේ යෙදෙන විනෝදකාමී වීඩියෝ දර්ශනයකි. ඔවුන් දෙදෙනාම පුරුදුව සිටින්නේ එවන් වීඩියෝ සිය ප්‍රේක්ෂකයන් සමඟ බෙදාහදා ගන්නටය. ඇය පුදුම කරවන්නට ඔහු තෑගිබෝග රැසක් ද ඇයට පිරිනමා තිබිණි. 
ඔවුන් දෙදෙනා විවාහ වූයේ 2009 වසරේදීය. දැන් ඔවුන් පුතෙකුගේ හා දියණියකගේ මව්පියන්ය. පුතු වියාන් මේ වන විට නව හැවිරිදි වන අතර ඔවුන් සමීෂා දියණිය ලබා ගත්තේ කුලියට ගත් ගර්භාෂයක් හරහාය. මේ වන විට ඇගේ වයස අවුරුද්දකි. 
ශිල්පා හැර අනෙක් සියලු දෙනාටම පසුගිය දිනවල කොවිඞ් රෝගය වැළඳිණි. ඇය තමාගේ සියලු වැඩ කටයුතු නවත්වා දමා ඔවුන්ට උදව් කළා පමණක් නොව නිවස ද මුළුමනින්ම විෂබීජහරණය කළාය. 
ජනප්‍රිය ප්‍රහසන චිත්‍රපටියක් වූ හුංගම හි දෙවන කොටසේ ශිල්පා රඟ පාන්නීය. නිකම්මා ඉන් පයිප්ලයින් චිත්‍රපටියට ද ඇගේ නම යෝජනා වී තිබේ.