තෙළිඟු භාෂාව හදාරන ජනප්‍රිය යොවුන් නිළි මෘනල් තාකුර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ තිරගත වූ ‘ජර්සි’ චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් හා දමිල චිත්‍රපට කිහිපයකින්ම දුටු මෘනල් තාකුර් මේ වනවිට තෙළිඟු භාෂාව අධ්‍යයනය කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙසේ මෘනල් තෙළිඟු භාෂාව හදාරන්නට උනන්ඳුව ඇත්තේ ඉදිරියේදී රංගනයෙන් දායක වීමට නියමිත ‘සිතා රාමම්’ චිත්‍රපටය සඳහා එක්වීමට බවය.

 ‘සිතා රාමම්’ යනු මෘනල්ගේ පළමු තෙළිඟු චිත්‍රපටය බව සඳහන් වෙයි. එය හානු රාඝවපුඩි නම් නවක දකුණු ඉන්දීය චිත්‍රපටය අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක් වන අතර, ඇය එහි ජනප්‍රිය මලායලම් සිනමා නළු දුල්ගිර් සල්මාන් සමගින් රංගනයෙන් දායක වෙයි.