ආක්ෂේ තවත් රුපියල් කෝටියක් දීලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය දේශසීමා ආරක්ෂ බලකාය විසින් සංවිධානය කර තිබු දිරිගැන්වීමේ වැඩසටහනක් සඳහා සහභාගී විමට ගිය සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් ජම්බු කාශ්මිරයේ බන්දිපෝරා දිස්ත්‍රික්කයට අයත් තුලායිල් නම් ගමේ දිලිඳු පාසලක් සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම රුපියල් කෝටියෙන් පාසල තුළ ගොඩනැගිලි කිහිපයක් ඉදිරි කරන්නටත් එම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ නිල ඇඳුම් හා පොත් පත් වෙනුවෙන් වැය කරන්නත් එම මුදල ලබාදුන් බව ආක්ෂේ පවසා ඇත. එමෙන්ම ඉදිරි කරන ගොඩනැගිල්ලක් පියා වූ ‘හරි ඕම්’ නමින් නම් කරන්නටත් ඔහු තිරණය කළ බව සඳහන් වෙයි.