සිනමා නිළි ආදා හදිසියේම සුබපැතුවේ කාටද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් හා දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම රඟපා ඇති ආදා ෂර්මා සිය ටිවිටර් ගිණුම හරහා තවත් දින කිහිපයකින් විවාහ ගිවිස ගැනීමට සූදානම් වන තම සමකාලීන නළුවා වූ විද්‍යුත් ජම්වාල්ට හා ඔහුගේ අතගන්නා ඇඳුම් නිර්මාණ ශිල්පිනි නන්දනි මහතානි දෙදෙනාට සුබපැතුම් එක්කොට ඇතැයි වාර්තා වෙයි.

ආදා හා විද්‍යුත් අතිශය ජනප්‍රිය වූ ‘කොමන්ඩෝ’ චිත්‍රපට මාලවේ ප්‍රධාන චරිත නිරූපණය කර තිබුණි. විද්‍යුත්ට වගේම නන්දනීටත් මගේ සුබ පැතුම් එකතු කරනවා. මම හිතනවා අපිට ඉදිරියේදී සුපිරි විවාහයක අසිරිය විඳගන්න ලැබෙයි කියලා. එදාට ආරාධනා කරන්න මාව අමතක කරන්න එපා යැයි ඇය විසින් සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණී.