මධුරි ගේ ලොකු පුතා ඇමෙරිකානු විශ්ව විද්‍යාලයකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් සහ දොස්තර ශ්‍රීරාම් නෙනේ ගේ ලොකු පුතු අරින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇමෙරිකාවේ දකුණු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී තිබේ. ඒ පිළිබඳව ඔවුන් දෙදෙනා සිටින්නේ බලවත් ප්‍රීතියෙනි. දොස්තර නෙනේ, අරින් සමඟ ද, මධුරි සහ දෙවන පුතු සමඟ ද ගන්නා ලද ඡායාරූප සමඟ හැඟුම්බර සටහනක් සිය සමාජ ජාලා අඩවියකට එක් කර තිබේ. 
“අරීන් විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කිරීම ගැන මම සතුටින් ඉපිලෙමින් ඉන්නේ.. ඔහුගේ අතීත ගුරුවරුන්ට වගේම වර්තමාන ගුරුවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.. ඔවුන් ඉතාම හොඳ මඟ පෙන්වන්නන්.. ට්‍රෝජන් කෙනෙකුට පියා වීම ගැන මම ආඩම්බර වෙනවා.. ජීවිත කාලය පුරාම ඔහු ඉගෙන ගන්නවා දැකීම තමයි මගේ බලපොරොත්තුව..” යනුවෙන් ඔහු එහි ලියා තිබිණි.  
තමා එය ලිව්වේ හදවතින්ම බව ද, ජීවිතයේ සියල්ලම පවුල බව ද ඔහු තව දුරටත් සටහන් කර තිබිණි. ඉන් පෙර සටහනක මධුරි කියා තිබුණේ සිය පුතු ඉතා ඉහළින් විශ්ව වාද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වී ඇති බවය. 
මධුරි අවසානයට දකින්නට ලැබුණේ කලන්ක් චිත්‍රපටියේය. ෆයින්ඩින් අනාමිකා නම් වෙබ් චිත්‍රපටි මාලාවෙන් ඇය මී ළඟට දැක ගන්නට ලැබෙනවා ඇත.