පොප් ගායිකා බ්‍රිට්නි ස්පයිර්ස් තුන්වැනි වරටත් විවාහ ගිවිස ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අදටත් ලෝකයම ආදරය කරන පොප් ගායිකාවක් බවට පත්ව සිටින බ්‍රිට්නි ස්පියර්ස් මීට දින කිහිපයකට සිය තුන්වැනි විවාහ ගිවිස ගැනීම සිදු කරගත් බව වාර්තා වෙයි. මේ වනවිට මුල්‍යමය අර්බුද කිහිපයකටම ලක්ව ඇති බ්‍රිටින් හදිසියේම සිය දිගු කාලීන පෙම්වතා වූ සෑම් අස්ගර් සමග විවාහ වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කාරණයක් වී ඇත.

බ්‍රිට්නි පළමු වරට විවාහ වූයේ 2004 වසරේදී වන අතර ඒ ජේසන් ඇලන් ඇන්ඩර්සන් සමගය. එය එම වසරේම බිද වැටුණ අතර, ඉන් පසුව එම වසරේම බ්‍රිට්නි ඇමෙරිකානු රැප් ගායකයෙකු වු කෙවින් ඇරල් සමගින් විවාහ විය. එයද වසර තුනකට සිමා වූ අතර, පසුව ඇය සෑම් අස්ගර්ව ඇසුරු කරන්නට වූවාය. වසර දහයක කාලයක් සිය පෙම්වතාව සිටි අස්ගර් පසුගිය ඉරිදා දිනයේදි නිත්‍යානුකූලව තම සැමියා කරගන්නට බ්‍රිට්නි කටයුතු කර තිබුණී.