මේ වසරේ විවාහ වූ ඇව්ලියන් ෂර්මාටත් දුවෙක් ලැබිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බොලිවුඩ් සිනමා නිළි ඇව්ලියන් ෂර්මාට පසුගිය නොවැම්බර් 12 වැනිදා දුවෙක්ට මවක් වි ඇතැයි වාර්තා වෙයි. ඔස්ට්‍රේලියනු ශල්‍ය වෛද්‍යවරයෙක් වූ තුෂාන් බිහන්දි සමගින් මේ වසරේ මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි විවාහ වූ ඇවිලියන් ඉන් පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචි වු බව සඳහන් වෙයි.

අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ම ඇව්ලියන් විසින් මේ වනවිට තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කර තිබෙන බව දැකගත හැකි වෙයි. ඇය පවසන්නේ අලුත උපන් දරුවා සුරංගනාවියකට සමාන ලස්සනකින් යුත් බවය.