Mia Khalifa නැවතත් පැරණි වෘත්තියට ? අලුත් පෙම්වතෙකුත් හොයාගෙනද ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Mia Khalifa කියන නම නිල් චිත්‍රපට ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. "හිජාබයක්" නිසා ඒ වෘත්තිය අහිමි කරගත්තා වුණත් ඇය ඉතා කෙටි නිල් චිත්‍රපට ගණනකින් "නිල් රැජිණ" ලෙස කිරුළු පැළදුවා. අනතුරුව මේ කර්මාන්තයටම "ආයුබෝවන්" කියන ඇය පෙම්වතෙක් හා හාදවී ලෝකයෙන්ම වසං වුණා.

හැබැයි මෑතක මේ දෙන්නාත් විරසක වෙලා "දික්කසාද" වුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක් වන Mia Khalifa පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරපු එක්තරා ජායාරූපයක් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.
 
ඒ ඇය Jhay Cortez කියන ගායන ශිල්පියාට දෙතොල් හාදුවක් දෙන ඡායාරූපයක්. මේ නිසාම බොහෝ දෙනෙක් මේ මීයා කලීෆාගේ අලුත් පෙම්වතා වෙන්නට ඇති කියලයි අනුමාන කරන්නේ. හැබැයි තවත් තැනෙක මේ "නිර්මාණ කටයුත්තක්" කියලත් කියනවා.
 
මේ අතර, Tejlor Svift කියන සුරූපී ගායන තරුව ගැනත් මෑතක Mia Khalifa අදහස් පළ කර තිබුණා. ඇය කියා තිබුණේ "Tejlor Svift මගේ ජීවිතය විනාශ කළා" කියලයි. හැබැයි ඇය ඒ කියලා තිබුණේ, Tejlor Sviftගේ ගීතයක් ගැනයි. මියා Tejlor Sviftගේ රසිකාවියක් වන අතර, මෑතක නිකුත් කළ ගීතයකට තමන් වහ වැටුණා කියලා මියා කියලා තිබුණා.
 
"ඒක හොඳ වැඩියි.." ඇය එහෙමත් කියනවා. ටික්ටොක් තුළත් Tejlor Sviftගේ ගීත ගයන කලීෆා තැනෙක "තාම මගේ නළලේ නැහැ. මගේ කිහිල්ලේ විතරයි" කියලත් වීඩියෝවක කියලා තිබුණා.ඒ, Tejlor Sviftගේ නව ගීතය ගැනයි.