අජිත් කුමර්ගේ 62 වැනි චිත්‍රපටයට ත්‍රිශාව ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන මනිරත්නම්ගේ ‘පොන්නි සෙල්වම්’ චිත්‍රපටයේ දකින සුරූපි දකුණු ඉන්දීය සිනමා නිළි ත්‍රිශා, අජිත් කුමාර්ගේ 62 වැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අජිත් මේ දිනවල එච් විනෝත් අධ්‍යක්ෂණය කරන බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන සිය අලුත්ම චිත්‍රපටය වූ ‘තුනිවූ’හි රූපගත කිරිම් කටයුතුවල නිරත වෙන අතර, චිත්‍රපටය 2023 වසරේ ජනවරි මාසයේදී නිකුත් වීමට නියමිතය. කෙසේ වෙතත්,  ත්‍රීෂා සම්බන්ධ වන්නේ අජිත්ගේ 62 වැනි චිත්‍රපටය වන අතර, එය විග්නේෂ් ශිවන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.