අමිර්, රන්බිර් යොදා අනුරාග් කරන චිත්‍රපටය මොකක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සුපිරි නළුවන් දෙදෙනෙකු වන අමිර් ඛාන් හා රන්බිර් කපූර් දෙදෙනා යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන බව බොහෝ කලක සිට බොලිවුඩයේ පැතිර යන කට කතාවකි. කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් දෙදෙනා යොදා ප්‍රවිණ අධ්‍යක්ෂවරයෙකු වූ අනුරාග් බාසූ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මුලපුරා ඇති බවට තොරතුරු ලැබේ.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය රන්බිර්ගේ තිර රචනයක් ඔස්සේ අමිර් ඛාන් විසින් කරන නිෂ්පාදනයකි. අමිර් හා රන්බිර් අවසන් වරට එකට දුටුවේ ඉහළ ආදායමක් උපයාගත් ‘Pk’ චිත්‍රපටයේ වන අතර, එහි දෙවැන්න මෙය නොවන බවද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අනුරාග් පවසා ඇත.