අමිර්ගේ නිෂ්පාදනයකට සම්බන්ධ වෙන සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමාවේ සිටින තවත් ජනප්‍රිය සිනමා මිතුරන් දෙදෙනෙකු වූ අමිර් ඛාන් හා සල්මාන් ඛාන් දෙදෙනාගේ එකතුවෙන් නුදුරේම බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වන බව සඳහන් වෙයි. ඒ ආර්. එස් ප්‍රසන්න අධ්‍යක්ෂණය කරන ක්‍රියාදාම චිත්‍රපටයක් හරහාය.

වාර්තා වන අන්දමට සල්මාන් ඛාන් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, අමිර් ඛාන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට කටයුතු කර තිබේ. එමෙන්ම චිත්‍රපටයේ කතාවද රචනා කොට ඇත්තේ  ඔහු විසින් බව සඳහන් වෙයි. පසුගිය වසරේ අමිර්ගේ ලාල් සිං චඩ්ඩා චිත්‍රපටයට ෂාරුක් ඛාන්ද සම්බන්ධ වූ අතර, ඒ ආරාධිත රංගනයක් හරහාය.