අර්චනා පුරාන් සිං විවාහය සැඟවීමේ රහස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමාගේ රහස් විවාහය තුළින් රසිකයන් පුදුමයට පත් කළ නළුනිළියෝ බොහෝ දෙනෙක් බොලිවුඩයේ සිටිති. අර්චනා පුරාන් සිං මේ සියල්ලන්ටම වඩා විශේෂ වන්නේ ඇය අවුරුදු හතරක්ම ඇගේත් පාර්මීත් සේති ගේත් විවාහය සඟවාගෙන සිටීම නිසාය. ඇය විවාහ වූයේ 1992 දීය. එහෙත් හෙළිදරව් කළේ ඉන් අවුරුදු හතරකට පසුවය. 

“පාර්මීත් කැමති වුණේ නෑ අපේ විවාහය මගේ වෘත්තියට බාධාවක් වෙනවා දකින්න.. අනිත් එක විවාහය කියන්නෙ අපේ පෞද්ගලික දෙයක්.. ඒ හින්දා අපි මාධ්‍යවලින් ප්‍රචාරය කරන්නෙ නැතුව විවාහ වුණා..” ඇය පැවසුවාය. 

ඒ කාලයේ විවාහක පිරිමියෙකුට මෙන් නොව විවාහක කාන්තාවකට ක්ෂේත්‍රයේ ඇත්තේ වෙනස් නීති බැව් අර්චනා සඳහන් කළාය. විවාහක නිළියකට චිත්‍රපටි ලබා දෙන්නට නිෂ්පාදකයන් පසුබට වූයේ ගෘහ ජීවිතය ඇගේ වෘත්තීය ජීවිතයට බාධාවක් වෙනු ඇතැයි උපකල්පනය කළ නිසාය. අර්චනාට එසේ වෙනවාට පාර්මීත් කැමති වූයේ නැත. 

මේ වන විට 59 හැවිරිදි අර්චනා වැඩි වශයෙන් රඟ පෑවේ කොමඩි ගණයේ චරිතය. ඇය රූපවාහිනී නිවේදිකාවක ද වූවාය. ඇගේත් පාර්මීත්ගේත් පුතුන් දෙදෙනා ආර්යමාන් සහ ආයුෂ්මාන් මේ වන විට සිනමා ක්ෂේත්‍රයට එන්නට සූදානම් වෙමින් සිටිති.