ආක්ෂේ එක්ක රඟපාන්නේ නවක නිළිය රාධිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දමිල චිත්‍රපටයක් වූ "සූරරායි පොට්රු" හි හින්දි ප්‍රතිනිර්මාණයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවති. මෙහි ප්‍රධාන නළු චරිතයට සුපිරි නළු ආක්ෂේ කුමාර් පණ පොවන අතර, ඇයගේ බිරිඳ ලෙස ‘අන්ග්‍රිසි මැඩම්’ චිත්‍රපටයේ ඉර්ෆාන් ඛාන්ගේ දියණිය ලෙස රංගනයෙන් දායක වූ රාධිකා මදන් පෙනි සිටියි.

27 වැනි වියෙහි පසුවන රාධිකා මීට දින කිහිපයකට පෙර සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ "සූරරායි පොට්රු" හි හින්දි ප්‍රතිනිර්මාණයේ ඡායාරූප කිහිපයක් මුදාහැර තිබුණ අතර, එය මේ වසරේ කාගෙත් අවධානය දිනන බොලිවුඩ් චිත්‍රපටයක් වනු ඇති බව තමන් තුළ ඉහළ විශ්වාසයක් පවතින බව ඇය සඳහන් කර තිබුණි.