ආඩම්බර විරාත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2013 දී විරාත් කෝලි සමඟ ෂැම්පූ දැන්වීමකට පෙනී සිටින්නට සිදු වූ කල අනුෂ්කා ශර්මා මඳක් නොසන්සුන් වූවාය. ඔහු පිළිබඳව අසා ඇති දේවල් අනුව ඇය  මුලින් උපකල්පනය කළේ විරාත් කෝලි යනු උද්දච්ච පුද්ගලයෙකු බවය. ඔහුගේ පෙනුමත් එයට දෙස් දුන්නේය. 
“හොඳයි.. එයා මට උද්දච්චකම් පෙන්නුවොත් මමත් ඊට වැඩිය දෙගුණයක් පෙන්නනවා..” ඇය අදිටන් කර ගත්තාය. 

එහෙත් ඔහු බොහෝ සැහැල්ලු, බුද්ධිමත්, විනෝදකාමී පුද්ගලයෙකු බැව් ඇය හැඳින ගත්තේ දැන්වීම රූගත කළ දින තුනේය.  සිය අලුත් නිවසට ගෙවැදීම වෙනුවෙන් පැවති සාදයට මිතුරුමිතුරියන්ට ඇරයුම් කරද්දී ඇය විරාත්ටත් ඇරයුම් කළාය. 

“ඒක තමයි පටන් ගැන්ම..”

ඔවුන්ගේ ආදර කතාව පිළිබඳව මාධ්‍යයට හෙළිදරව් කරමින් අනුෂ්කා පැවසුවාය.  විරුෂ්කා යන ආදරණීය නාමයෙන් සියල්ලන් අතර හැඳින්වෙන ඔවුන් මේ වන විට සිය සමස් වියැති වාමිකා දියණියත් සමඟ වාසය කරන්නේ ලන්ඩනයේය.