ආලියා රඟපෑ හොලිවුඩ් චිත්‍රපටය ලබන වසරේ මාර්තුවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට සිය පළමු දරුවා ප්‍රසුත කිරිමට සූදානමින් සිටින සුපිරි බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් රංගනයෙන් දායක වූ පළමු හොලිවුඩ් චිත්‍රපටය Heart of Stone ලබන වසරේ මාර්තු මාසයේ මැද භාගයේදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

ගාල් ගැටොඩ්, ජෙමි ඩෝර්නන්, සොෆී ඔකොනෙඩෝ, මෙතායස් ශිහෆර් යන ජනප්‍රිය නළුනිළියෝ මෙහි ආලියා සමගින් රංගනයේ යෙදේ. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ආලියා සමගින් ගාල් ගැඩොට් කෙරෙහිය. ඒ ඇය සිය තුන්වැනි දරුවා ලැබීමෙන් පසුව රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය මෙය වීමය.