ආලියාගේ සුරතලා එඩ්වඩ් කැමතිම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑතකදී විවාහ දිවියට එළැඹි සුරූපි ආලියා භාට්ට එඩ්වඩ් නම් සුරතල් බළල් පැටියෙකු සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. මීට දින කිහිපයකට පෙර ආලියා සිය සුරතල් බළල් පැටවා ගැන තොරතුරු සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කර තිබුණි.

ඇය පවසන්නේ එඩ්වඩ් තමන් රංගනයෙන් දායක වූ ‘ගංගුබායි කතියාවදි’ චිත්‍රපටය නරඹන්නට දැඩි ලෙස කැමැත්තක් දක්වන බවය. එමෙන්ම තමන් සමග ඔහු කිහිප වරක් මෙම චිත්‍රපටය නැරඹු බවද ඇය පවසා තිබේ. එමෙන්ම සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ එඩ්වඩ් ‘ගංගුබායි කතියාවදි’ චිත්‍රපටය නරඹන ඡායාරූපයක්ද ඇය පළ කර තිබුණි.