ඇට්ලේගේ උපන්දිනයට ආ බොලිවුඩ් තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වෙන ‘පතන්’ හා ‘ජවාන්’ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක ඇට්ලේ කුමාර්ගේ 36 වැනි උපන්දිනය පසුගිය සැප්තැම්බර් 22 වැනිදාට යෙදි තිබුණි.

සිය උපන්දිනය වෙනුවෙන් සුපිරි උත්සවයක් ඇට්ලේ විසින් සංවිධානය කර තිබුණ අතර, ඊට දකුණු ඉන්දීය සිනමා තරු මෙන්ම බොලිවුඩ් තරුද බොහෝමයක් පැමිණ සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මෙම උත්සවයේ කගෙත් අවධානය යොමු වුයේ ෂාරුක්, උපන්දිනය සැමරූ ඇට්ලේ මෙන්ම දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ තිදෙනාම කළුපැහැති ඈදුමින් සැරසි සිටිමය.