උර්වෂිගේ හත්සීය වැනි චිත්‍රපටය ‘අප්පතා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

80 දශකයේ දකුණු ඉන්දීය සිනමාව තුළ වඩාත් ජනප්‍රිය වූ උර්වෂිගේ 700 වැනි චිත්‍රපටය මීට දින කිහිපයකට පෙර මුම්බායි හි චිත්‍රපට අංශ සංකීර්ණයේදී ප්‍රදර්ශනය කරනු ලැබීය. තවමත් සිනමා ශාලා සඳහා ඉදිරිපත් කර නොමැති ප්‍රියදර්ශ්ගේ ‘අප්පතා’ චිත්‍රපටය පෙබරවාරි දෙවැනි සතියේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට අතරින් එකක් ලෙස තෝරාගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රියදර්ශ් පවසන්නේ  ‘අප්පතා’ උර්වෂිගේ සිනමා දිවියේ වඩාත් වැදගත් සංධිස්ථානයක් බවය. ඒ නිසාවෙන් ඔහු  ‘අප්පතා’ චිත්‍රපටය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට සංවිධානය කර තිබෙන බවද මාධ්‍යය දැනුම්වත් කර තිබේ.