ඔස්කා සම්මාන දිනූ ජෙනිෆර් ලොරෙන්ස් පළමු දරුවාට සූදානම් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගන්න නිළියන් අතර සිටින සුරූපි ජෙනිෆර් ලොරොන්ස් මේ වනවිට සිය පළමු දරුවා පිළිගැනිමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි ජෙනිෆර් 2019 වසරේ ඔක්තෝබරයේදි චිත්‍රපට අධ්‍යක්ෂක කුක් මැරේනි සමගින් විවාහ වූවාය.

පසුගිය සති අන්තයේදී ජෙනිෆර් ලෝ ප්‍රකට ‘පිපල්ස්’ සඟරාව සමගින් එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සිය පළමු දරුවා පිළිගැනීමට සූදානම් වන පුවත ප්‍රසිද්ධ කර තිබුණි. එමෙන්ම ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වූ ‘ඩොන්ට් ලුක් අෆ්’ චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමටද සූදානම් කර ඇති බව ඇය පවසා තිබුණි.