‘කැප්ටන් මාවල්’ දෙවැන්නට දකුණු කොරියානු තරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2022 වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘කැප්ටන් මාවල්' චිත්‍රපටයේ දෙවැන්න සඳහා දකුණු කොරියානු චිත්‍රපට නළුවෙකු වූ පාක් සීඕ - ජූන් සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි. 32 වැනි වියෙහි පසුවන පාක් දකුණු කොරියානු සිනමාවට එකතු වී ඇත්තේ 2011 වසරේදීය.

මේ වනවිට දකුණු කොරියානු චිත්‍රපට රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති පාක් හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එකතු වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ‘කැප්ටන් මාවල්’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බ්‍රිරි ලාසන් සමග පාක් නිරූපණය කරනු ලබයි.