කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය ටොප්ගන් වාර්තාව අභිභවා යයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් මේ වනවිට ඉහළම ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත්තේ ටොම් කෘස්ගේ ටොප්ගන් මාවෙරික් චිත්‍රපටයයි. එය තිරගත වූ කාලසිමාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1485ක් උපයා ගැනීමට සමත් විය.

මේ වසරේ ප්‍රකට මාවල් චිත්‍රපට කිහිපයක්ද තිරගත වූ නමුදු එම ආදායම පසුකර යන්නට ඔවුන්ට නොහැකි විය. කෙසේ වෙතත්, මේ වසරේ දෙසැම්බර් 16 වැනිදා ජෙම්ස් කැමරන්ගේ ඇවටර් දෙවැන්න ප්‍රදර්ශනය වන අතර, සිනමා විචාරකයින් පවසන්නේ ටොප්ගන් චිත්‍රපටය ඉපෑයු ආදායම ඉතා සුළු කාල සීමාවකදී පසුකර යනු ඇති බවය.