කමල් හසන් දේශපාලන කතාවක් ඇති චිත්‍රපටයකට එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කළ ‘වික්‍රම්’ චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝට් 400ක මුදලකි. එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කමල් හසන් විසින් කාලයකට පසුව නිෂ්පාදනය කළ අති සාර්ථක දමිල චිත්‍රපටයක් බව සඳහන් වෙයි.

‘වික්‍රම්’ චිත්‍රපටයේ සාර්ථකත්වයද සමගින් කමල් හසන් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. දේශපාලන කතාවක් පදනම් කරගෙන නිර්මාණය වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ එච් විනෝත්ය. එමෙන්ම කිහිප වරක් අතරමඟ නතර කර දමන්නට සිදුවුණ ‘ඉන්දියන් 2’ චිත්‍රපටයේද වැඩ කටයුතු සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන්නටද කමල් හසන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ.