කොරෝනා අස්සේ, සුරූපි නිළි නයන්තාරා සිය පෙම්වතා සමඟ ගිය තැන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නයන්තාරා කියලා කියන්නේ දමිළ සිනමාවේ සිටින සුරූපී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම එම සිනමා ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් උපයන නිළිය වන්නේ ද ඇයයි.

ඉතිං ඇයගේ පෙම්වතා වන්නේ, චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙකු වන විග්නේෂ් සිවන්. චිත්‍රපටි රූගත කිරීම නොමැති වෙලාවක් මේ දෙන්නා විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිය කාලය ගත කරන එක පුරුද්දක්. 
 
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව තුළ චිත්‍රපටි රූගත කිරීම් නතර කරලයි තියෙන්නේ. ඒ නිසාම මේ දෙන්නා කොච්චින්වලට තම පෞද්ගලික ජෙට් එකක් ගිහින් තියෙනවා. මේ වෙද්දී, ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.