කරන්ගේ චිත්‍රපටයේ ෂාරුක් ඛාන් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අගෝස්තු මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිත කරන් ජෝහර් විසින් නිෂ්පාදනය කළ ‘ෂර්ෂා’ චිත්‍රපටයේ කිසිදු චරිතයක් සුපිරි නළු ෂාරුක් ඛාන් නිරූපණය නොකරන බව වාර්තා වෙයි. එහෙත්, පසුගිය සති කිහිපයේදීම විවිධ ඉන්දීය මාධ්‍යයන් පළකොට තිබුණේ ‘ෂර්ෂා’ හි ෂාරුක් ඛාන් ආරාධිත චරිතයකින් හෝ දකින්නට ඇති බවය.

සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ක්යාරා ආද්වානි ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ප්‍රචාරක පටයක් එළැඹෙන ජූලි 26 වැනිදා නිකුත් කිරිමට නියමිතය. ෂාරුක් ඛාන් චිත්‍රපටයට සම්බන්ධ වෙන බවට රාවයක් පැතිර යාමත් සමග බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය කෙරෙහි වැඩි උනන්ඳුවක්ද දක්වා තිබුණ බව සඳහන් වෙයි.