කරන්ගේ මව අසනීපෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය තදින් පැතිර තිබූ සමයේදී සිය මව හිරූ ජෝහාර් බරපතල ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන් බැව් කරන් ජෝහාර් පවසන්නේය. එකක් කොඳු ඇට පෙළේ ශල්‍ය කර්මයකි. අනෙක් ශල්‍ය කර්මය කෙරුණේ දකුණු දණහිස බද්ධ කිරීමටය. ඔහු කියන්නේ සිය සුපිරි වීරවරිය වන මවගේ සෞඛ්‍ය තත්වය ගැන තමා තුළ බියක් තිබුණත් 79 හැවිරිදි ඇය අපූරු ජවයකින් සහ සැහැල්ලු සිතින් සියල්ලට මුහුණ දුන් බවය. ඇය රෝහලේ සිටින දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් සමඟ දිගු සටහනක් ඔහු අන්තර් ජාලයට මුදා හැර තිබේ. සෝනාක්ෂි සිංහා, රිතික් රොෂාන්, අනිල් කපූර්, මනිෂ් මල්හෝත්‍රා, ආතියා ෂෙට්ටි,   භූමි පෙඩ්නෙකර්, දීපිකා පදුකෝන්, ප්‍රිති සින්තා ඇතුළු බොහෝ දෙනෙක් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ එවූහ. 

සිය නිවුන් දරුවන් වන රූහි සහ යාෂ් කේක් එකක් සහ ගීතයක් ද සූදානම් කරගෙන ආදරණීය ආච්චි අම්මා එන තුරු මඟ බලා සිටින බව ද කරන් සිය සටහනේ සඳහන් කර තිබිණි. මේ දිනවල ඔහු රන්වීර් සිං,  ආලියා භාත්, ධර්මේන්ද්‍ර, ජයා බච්චන් සහ ෂබානි අස්මි රඟ පාන රොකි ඕර් රාණි කි ප්‍රේම් කහානි චිත්‍රපටිය සමඟ කාර්යබහුල වී සිටින්නේය. ටක්ට් චිත්‍රපටිය ද ඔහුගේ නිර්මාණයකි.