කල් යන ආලියා භාට්ගේ අලුත්ම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොවිඩ්’ වසංගත තත්ත්වය නිසාවෙන් කිහිප වරක් රූපගත කිරිම් කටයුතු අත්හැර දමන්නට සිදු වු ආලියා භාට්ගේ ‘ගංගුබායි කතියවාදි’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු නැවත වරක් ආරම්භ කරන්නට මේ වනවිට සුදානම් කර තිබේ. වාර්තා වන අන්දමට ඒ ජුනි 16 වැනිදා සිටිය.

‘කොවිඩ්’ වසංගත තත්ත්වය නිසාවෙන් අප්‍රේල් මාසයේදී මෙම චිත්‍රපටයේ රූපගත ආරම්භ කළ අතර, චිත්‍රපටය අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට පත් විය. ඔහු සුව වී නැවත වරක් මෙහි රූපගත කිරිම් ආරම්භ කරන්නට කටයුතු කළ අතර එහිදි ආලියාට ‘කොවිඩ්’ රෝගය වැළඳී තිබුණි. ඉන් පසුව ඉන්දියාවේ සියලු නගර අගුලු දමන්නට පියවර ගෙන තිබුණ නිසාවෙන් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කිහිප වරක් අවලංගු කරන්නට සිදුවිය.