චිත්‍රපට දහයක් හොඳම චිත්‍රපටයට තරග කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ඇකඩමි සම්මාන උළලේදී හොඳම චිත්‍රපට සඳහා හිමි සම්මානයට 2022 වසරේ තිරගත වූ චිත්‍රපට දහයක් නිර්දේශ වී ඇත. එය ඇකඩමි සම්මාන උළෙලක හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වූ වැඩිම චිත්‍රපට ප්‍රමාණයද වීම විශේෂත්වයකි.

නිර්දේශ වූ චිත්‍රපට මෙසේය. මෝල්ටා ගූනට් නිෂ්පාදන කළ All Quiet on the Western Front, ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Avatar: The Way of Water, ග්‍රැහැම් බ්‍රෝඩ්බන්ට් හා පීටර් සෙර්නින් නිෂ්පාදනය කළ The Banshees of Inisherin,  කැතරින් මාටින් හා ගේල් බර්මන් නිෂ්පාදනය කළ Elvis, ඩැනියෙල් කුවාන් හා ඩැනියෙල් ශයිනට් නිෂ්පාදනය කළ Everything Everywhere All at Once, ක්‍රිස්ටින් මැකාග්කෝ හා ස්ටීවන් ස්පිල්බර්ග් නිෂ්පාදනය කළ The Fabelmans, ටොඩ් ෆිල්ඩ් හා ඇලෙක්සැන්ඩ්‍රා මිල්චන් නිෂ්පාදනය කළ TAR, ටොම් කෘස් නිෂ්පාදනය කළ Top Gun: Maverick, පිලිප් බොබර් නිෂ්පාදනය කළ Triangle of Sadness හා ඩෙඩ් ගාඩ්නර්, ජෙරමි ක්ලෙයිනර් නිෂ්පාදනය කළ Women Talking චිත්‍රපටයි.