චිත්‍රපට වැඩ නවතා දමා අනුෂ්කා එංගලන්තේ ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය පළමු දරුවා ලැබීමෙන් අනතුරුව නැවතත් සිනමා කර්මාන්තයට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වුවද අනුෂ්කා ෂර්මා මේ වනවිට එංගලන්තයේ සවුත්හැම්ටන් නගරයට ගොස් සිටින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ සැමියා වූ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමගය.

තවත් දින කිහිපයකින් එංගලන්තයේදි ආරම්භ වීමට නියමිත ඉන්දීයාව හා නවසිලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක කුසලන අවසන් මහා තරගය සඳහා මෙසේ ඔවුන් එංගලන්තයට ගොස් තිබීමට හේතුව වී ඇත. අනුෂ්කා සවුත්හැම්ටන්හි ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සිය සමාජ පිටු අතර පළකොට තිබෙන අතර, සිය සැමියාට සහයක් වීම සඳහා තමන් මෙසේ එංගලන්තයට පැමිණි බවද ඇය පවසයි.