ජැකලින් දරුවන් වෙනුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ යම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ශ්‍රී ලංකා රූපරාජිණි ජැකලින් ෆර්නැන්ඩෙස් මේ දිනවල සිය සමාජ පිටු ‘කොවිඩ්’ වසංගතය වෙනුවෙන් පීඩාවට පත්ව සිටි ඉන්දීය දුගී දරුවන් සඳහා වෙන්කර තිබෙන බව වර්තා වෙයි. ඇය වසංගතය තත්ත්වය පැමිණිමට පෙර දරුවන් වෙනුවෙන් කළ සමාජ සත්කාරයන් රැසකගේ ඡායාරූප ජැකලින් සිය සමාජ පිටු හරහ යළිත් වරක් ප්‍රසිද්ධ කර තිබේ.

එහිදි පාසල් දරුවන් සමග ක්‍රීඩා කරන අයුරු හා විවිධ දෑ බෙදාහදාගන්නා අයුරුද නිරූපණය වන ඡායාරූප රැසක් ඇය විසින් සිය සමාජ පිටු තුළ පළ ක ඇත.. එමෙන්ම ඇය පවසන්නේ කොතෙක් පිරිසක් උදව් උපකාර කළද හරිම පුද්ගලයන්ට ඒවා තවමත් ලැබී නොමැති බවය. ඒ අතර කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් සිටින බව ඇය වැඩි දුරටත් පවසා ඇත.