ජැකලින්වත් අමාරුවේ දැමූ සුකේෂ් නිසා බොලිවුඩය ගිනි ගනී ! සරාගී නිරූපණ ශිල්පිනිය යුද ප්‍රකාශ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මූල්‍ය වංචා සිද්ධිය මේ වෙනකොටත් ඉන්දියාවේ ලොකු කතාබහට ලක්වන බව කවුරුත් දන්නවා. පසුගිය දවසක මේ කියන හාදයා එක්ක හාදකම් පවත්වමින් සල්ලි ඉල්ලගත්ත දෙතුන් දෙනෙක්ගේ නම් එහෙමත් එළියට ආවා. ආ ඒ අතර සාරා අලි ඛානුත් ඉන්නවාලූ.

මේ විදිහට දෙතුන් දෙනෙක්ගේ නම් එළියට එනකොට අඩනිරුවත් විලාසිතා නිසා ප්‍රසිද්ධ වෙලා හිටපු Chahatt Urfiත් පොඩ්ඩක් කරළියට ඇවිත්. ඇයට මේ නිළියන්ගෙන් තාඩන පීඩන සහ චෝදනා එල්ල වූ බව ක්ෂේත්‍රයේ අයට රහසකුත් නෙවෙයිලූ.

විශේෂයෙන්ම Chahatt Urfi පැපරාසීන්ට මුදල් ගෙවන බවට ඇයට චෝදනා කරපු දෙන්නෙකුත් මේ සුකේෂ්ගේ ලිස්ට් එකේ ඉන්නවාලූ.

“අවීනිත ලෙස ඇඳ පැළඳගෙන පැපරාසින්ට (මාධ්‍යට) මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මමයි” ලෙසින් සඳහනක් කරමින් ඇය ඇගේ “තරහාකාරියන්” දෙදෙනාගේ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.