ජවාන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සිය පළමු දරුවා පිළිගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අති සාර්ථක දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ඇට්ලේ කුමාර් හා ඔහුගේ ආදරණිය බිරිඳ ප්‍රියා මීට දින කිහිපයකට පෙර සිය පවුලට ආ අමුත්තා පිළිගත්තේය. ඔහු පිරිමි දරුවෙකු බව ඇට්ලේ පවසයි.

ඒ වෙනුවෙන් ඔවුන් සිය සමාජ පිටු යාවත්කාලීන කළේ සිය අලුත උපන් දරුවාගේ සපත්තු යුවළක හා ඔවුනගේ දරුවා ලැබීමට පෙර ගත් ඡායාරූප කිහිපයක්ද එකතු කරමිනි. ඇට්ලේ මේ දිනවල සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන ජවාන් චිත්‍රපටයේ අවසන් සංස්කරණ කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.