ටප්සිගේ අලුත් චිත්‍රපටයට සචින්ගෙන් පැසසුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සර්ජිත් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කළ ‘සබාෂ් මිතු’ චිත්‍රපටයේ මංගල දර්ශනය මීට දින කිහිපයකට පෙර මුම්බායි නගරයේ පැවැත්වුණි. ඊට සම්බන්ධ වූ ලොව සුපිරි පිතිකරු සචින් තෙන්ඩුර්කාර් එම චිත්‍රපටයේ ප්‍රධාන නිළියට රඟපෑ ටප්සි පන්නු විශේෂ ඇගයිමකට ලක් කළ බව සඳහන් වෙයි.

ටප්සි මෙහි රංගනයෙන් දායක වූයේ 2017 වසරේ එංගලන්තයේ පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන ගිය ඉන්දීය ක්‍රිකට් නායිකා මිතිලි රාජ්ගේ චරිතයයි. මෙය ජුලි 15 වැනිදා ඉන්දියාව පුරා භාෂා කිහිපයකින් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතය.