ඩිවෝන් ජොන්සන් ඉදිරි ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපටවලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ දසවැනි කතාංගය ඇතුලත් චිත්‍රපටය මේ වනවිට රූපගත කරන්නට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි. අවසන් වරට ප්‍රදර්ශනය වූ F9 චිත්‍රපටය සඳහා එක් නොවු සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩිවෝන් ජොන්සන් මෙම චිත්‍රපටය සඳහා එක්ව ඇතැයි හොලිවුඩ් සිනමා තොරතුරු වාර්තා කර තිබේ.

‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ වින් ඩිසල් සමග ඇතිවූ මත්භේදයක් හේතු කොට ගෙන ඩිවෝන් මෙසේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපටවලින් ඉවත් වීමට තිරණය කර තිබුණි. කෙසේ වෙතත්, මේ වනවිට නැවතත් ඔවුන් අතර තිබු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඇති අතර, ඔවුන් ඉදිරියේදී නිර්මාණය කරන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට සඳහා එකතු වෙන බව සඳහන් වෙයි.