තවමත් බබාට නමක් තෝරන සෝනම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෝනම් කපූර් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැ.  ඒ වගේම තමයි ආනනද් අහූජා. ඔහු සිනමා නළුවෙක් නොවුණත්, ඒ තරමටම ජනප්‍රියයි. ඉන්දීය ඇඳුම් මෝස්තර ක්ෂේත්‍ර යේ ආනන්ද් කියන නම තියෙන්නේ ඉදිරියෙන්ම. ඔහුගේ ‘භානේ‘ සන්නාමයෙන් යුක්තව වෙළෙඳ පොළට නිකුත් කරන ඇඳුම්වලට ඉන්දියාව තුළ වගේම ලෝකය පුරාම තියෙන්නේ දැඩි ඉල්ලුමක්.

සෝනම් කපූර් කියන්නේ ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ දක්ෂ නිළියක්. ඇය දැන් වැඩිය සිනමාවේ දකින්න නොලැබෙන්න හේතුව තමයි ආනන්ද් අහූජා. ඔහු 2014 දී දැන හඳුනාගත් මේ සුරූපිනිය 2018 දී විවාහ කර ගත්තා. ඉතින් දෙපාර්ශ්වයේම ආශිර්වාදය මැද සිදු කෙරුණු මේ විවාහය දැනට නම් ඉතාම සාර්ථක බව තමයි පෙනෙන්නේ. මේ දෙපළම තම තමන්ගේ ක්ෂේත්‍රවල නිතර වන අතරේම තමන්ගේ පවුල් ජීවිතයට මුල් තැන දී කටයුතු කරන බවට හොඳටම සාක්ෂි ලැබෙමින් පවතිනවා. පසුගිය අගෝස්තු 20 වැනිදා ඔවුන් දෙදෙනා මවුපියන් බවට පත් වූයෙත් ඒ සඳහා තවත් සාක්ෂියක් ඉදිරිපත් කරමින්.
 
තමන්ගේ පවුලට අලුතෙන් එකතු වූ සාමාජිකයා මේ දෙපළ විසින් ආදරයෙන් පිළිගෙන තිබුණා.  ඉතින් දැන් වැදගත්ම වැඩේ තමයි මේ පුංචි අමුත්තාට නමක් තැබීම. අපේ රටේ වගේම ඉන්දියාවෙත් කුඩා දරුවන්ට නම් තැබීමේ විශේෂඥයන් සිටිනවා. බොහෝ දෙනා එවැනි පුද්ගලයන්ගේ සහය ලබා ගත්තත් සෝනම් සහ ආනන්ද් නම් තමන්ගේ කුඩා දරුවාට නම් තැබීමට ඔවුන්ගේ සහය අපේක්ෂා නොකරන බවක් තමයි ආරංචි වන්නේ. 
 
ඒ වෙනුවට ඔවුන් තමන්ගේ පවුල්වල ඥාති හිතමිත්‍රාදීන්ගෙන් තම කුඩා දරුවාට තැබීමට හොඳ නමක් යෝජනා කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් එහිදී පවසා ඇත්තේ යෝජනා වශයෙන් එවන නම් අලුත්ම මෝස්තරයේ ඒවා නොවුණාට කමක් නැති බවයි.  එහෙත් තම දරුවාට තබන නමේ යහපත් අර්ථයක් තිබීම නම් ඉතාම වැදගත් බව ඔවුන් නම යෝජනා කරන ලෙස ඉල්ලීම් ලැබූ පිරිසට අවධාරණය කර තිබෙනවා. 
 
ඔවුන් මේ දිනවල තමන් වෙත ලැබුණු නම් දහස් ගණනක් අතරින් හිතට අල්ලන නමක් තෝරමින් සිටින බව තමයි පැවසෙන්නේ. වැඩි කල් නොගොසින්ම ඔවුන්ට නමක් තෝරා ගන්නට සිදු වේවි. ඒ මේ වන විටත් ඔවුන්ගේ කුඩා දරුවා උපත ලබා මාසයක පමණ කාලයක් ගත වීමට ආසන්න නිසා. ඉතින් ඔවුන් දරුවාට නමක් තැබූ පමණින් එය මාධ්‍යයටත් ආනාවරණය කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා...
 
ආදිත්‍යා විරප්‍රිය