තෙළෙඟු සිනමා නළු ශර්වානන්ද් විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ සුරූපි රශ්මිකා මන්දා සමග Aadavallu Meeku Johaarlu චිත්‍රපටයේ රඟපෑ ශර්වානන්ද් මීට දින කිහිපයකට පෙර විවාහ විය. ඒ කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය ව සිටි රක්ෂිතා සමගින්ය. ව්‍යාපාරික පවුලකින් පැමිණෙන රක්ෂිතාද මේ වනවිට ව්‍යාපාර කිහිපයක හිමිකාරියක්ද වෙයි.

ශර්වානන්ද්ගේ විවාහය දකුණු ඉන්දීය සිනමා තරු රැසක් එක්ව සිටි අතර, ඔහුගේ පාසල් මිතුරන් වූ රාම් චරන්, රාණා ඩගුපති මෙම විවාහ මංගල්‍යයේ කැපි පෙනෙන චරිත බවට පත්ව සිටියහ. ඊට අමතරව අමෝලා පෝල්, නාගර්ජුන්, චිරන්ජිව්, රශ්මිකා මන්දනා ඇතුළු දකුණු ඉන්දීය සිනමා තරු බොහෝමයක් මීට සහභාගි වි සිටි බව සඳහන් වෙයි.