දකුණු ඉන්දීය සිනමා නිළි හංසිකා විවාහ වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලයේ ‘කොයි මිල් ගයා’ චිත්‍රපටයේ මෙන්ම ‘කියූන්කි සහස් බහි කබි බානූ ති’ (මහ ගෙදර) ටෙලි නාට්‍යයේ දුටු හංසිකා මොට්වානි මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට නැතුවම බැරි සිනමා නිළියකි. 31 වැනි වියෙහි පසුවන හංසිකා පසුගියදා සිය විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රසිද්ධ කරනු ලැබුවාය.

ඇය මෙසේ විවාහ ගිවිස ගැනීමට තිරණය කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ සොහෙල් කතුරිය සමගය. ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමේ ඔවුන් දෙදෙනා ප්‍රංශයේ අයිපල් කුළුණ ඉදිරියේ ගත් ඡායාරූපයක් නිකුත් කරමින් මෙම විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධ කර තිබුණි. මෙම යුවළ දෙසැම්බර් 4 වනදා රාජස්ථාන්හිදී විවාහ වීමට මේ වනවිට දින නියම කරගෙන ඇත.