දකුණු ඉන්දීය සුපිරි තරුව රාජිණිකාන්ත්ගේ ජිවිත කතාව අහමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ දකුණු ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් යන්ත්‍රය ලෙස හඳුන්වන රාජිණිකාන්ත් පසුගියදා පැවති වයි ගී මහේන්ද්‍රගේ චාරුකේසි නාට්‍යයේ සැමරුම් උත්සවය සඳහා සහභාගි වි සිටියහ. උත්සවය අතරතුරදී රාජිණිකාන්ත්ට රැස්ව සිටි පිරිස අමතා වචන කිහිපයක් කතා කරන්නට ආරාධනා ලැබුණ අතර, ඔහු සිය ජිවිත කතාවෙන් බිඳක් එහිදි අන් අය සමග බෙදාගත්හ.

තමන් බස් කොන්දොස්තර වරයෙකු ලෙස සිය ජිවින ගමන ඇරඹු හැටි මෙන්ම නිතරම මත්පැන් හා දුම්වැටි පානය කරමින් සිය ජිවිතය අවාසනාවන්ත ලෙස ගෙවා දැමු හැටි ඔහු මෙහිදි මතක් කළේය. රාජිණිකාන්ත් තමාව අද ඉන්න තැනට ඔසවා තැබුවේ තම ආදරණිය බිරිඳ ලතාගේ ධෛර්යවන්ත කම බව ආදරයෙන් මතක් කළේය. එමෙන්ම රාජිණි සිය බිරිඳට තුති පුදන්නටද මෙහිදි අමතක නොකළේය.