දින 50කින් කිලෝ දහයක් අඩු කරගත් රකුල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල චිත්‍රපට රූපගත කිරිම් කිහිපයකටම සම්බන්ධව සිටින රකුල් ප්‍රිත් සිං ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ‘චත්‍රිවලි’ නම් චිත්‍රපටය සඳහා කිලෝ ග්‍රෑම් 10ක් තම සිරුරෙන් අඩු කරගත් බව පවසා තිබේ. ඇය ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා තිබුණේ තමන් මෙසේ කිලෝ 10ක ප්‍රමාණයක් අඩු කරගත්තේ දින 50ක් ඇතුළතදී බවය.

‘චත්‍රිවලි’ කොමඩි චිත්‍රපටයේ රකුල් කොන්ඩම් කම්හලක තත්ත්ව පාලන ප්‍රධානියෙකු ලෙස රංගනයේ යෙදේ. මීට අමතරව රකුල්,  ආයුෂ්මන් කූරාණා සමගින් ‘ඩෙක්ටර් ජී’, සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් ‘ගෝඩ් තැන්ක්ස්’ හා ආක්ෂේ කුමාර් සමගින් ‘මිෂන් සින්ඩ්රෙල්ලා’ යන චිත්‍රපටවල මේ දිනවල වැඩ කරමින් සිටියි.