දියා මිර්සා පියා ගැන කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ මෑතකදී නිකුත් වූ සඟරාවක දියා මිර්සා ඇගේ පියා ගැන අදහස් පළ කර තිබිණි. ඇගේ පියා ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ ෆ්‍රෑන්ක් හෙන්රිච් මිය ගියේ දියා නව හැවිරිදිව සිටියදීය. ඔහුට අයිතිව තිබූ දේවලින් කොටසක් ලබාගෙන සිය නිවසේ තබා ගන්නට තමා තුළ තිබූ ආශාව ගැන ද ඒ ප්‍රකාශයේ සඳහන් වී තිබිණි.  

දියාගේ මව දීපා ගෘහ අලංකරණ ශිල්පිනියක වූවාය. ඇය ෆ්‍රෑන්ක්ගෙන් දික්කසාද වූයේ දියා පස් හැවිරිදිව සිටියදීය. ඔහු වෙනත් විවාහයක් කර ගත් අතර ඉන් ඔහුට පුතෙකු ලැබිණි. ඔහුට අයිතිව තිබූ හැම දෙයකම නව අයිතිකරු වූයේ ඒ පුතුය. තමාට ඒවායින් කොටසක් නොලැබීමේ හිතේ අමාරුව බොහෝ කාලයක් ඇය පෙලුවේය. 

“මීට අවුරුදු කීපෙකට ඉස්සර ඒ මල්ලී මුම්බායිවල මගේ ගෙදරට ආවා.. මම එයාට මගේ ගෙදර හැමතැනම පෙන්නුවා.. එක කොරිඩෝ එකක තියෙන්නෙ ඡායාරූප.. ඒවා අතරෙ ම පුංචි කාල අම්මයි තාත්තයි එක්ක ගත්ත ඡායාරූපයක් තිබ්බා.. මල්ලි ඒක දිහා ඕනකමින් බලාගෙන ඉඳිද්දී මට හිතුණා ඒක මිළ කරන්න බැරි එකක් නේද කියලා.. ඊට පස්සෙ තමයි තාත්තගෙ දේවලින් කොටසක් නොලැබීමේ දුක සදහටම මගෙන් ඈත් වෙලා ගියෙ..” ඇය කියා තිබිණි. 

මේ වන විට ඇයත් ඇගේ සැමියා වයිභාව් රාඛීත් පුතෙකුගේ දෙමව්පියෝ වී සිටිති. ඔහුට නම තබා ඇත්තේ අව්යාන් ලෙසිනි.