දවසින් දවස මවුපදවියට සූදානම් වෙන ආලියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ මේ වෙද්දි වැඩියෙන්ම කතාබහ කරන තාරකාව ආලියා බාට් අම්මා කෙනෙක් වෙන්න ඉන්න යන බව කවුරුත් දන්න දෙයක්නේ. ආලියාගේ අලුත්ම චිත්‍රපටය බ්‍රහ්මස්ත්‍රා පසුගිය 9 වැනිදා ඉන්දියාවේ තිරගත කිරීම් ආරම්භ කලා. 

චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට ආලියාට සහභාගී වෙන්න සිද්ධ වුනේ ගැබිණියක් විදිහට. සාමාන්‍යයෙන් ආලියා මෙවැනි අවස්ථාවලදි අදින පළඳින සාම්ප්‍රදායික ඉන්දියානු විලාසිතා බැහැර කරල තමන්ට පහසු බටහිර විලාසිතා අනුගමනය කරන්න පටන් අරගෙන තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රවර්ධන කට්‍රයුතු සඳහා සහභාගි වෙන්න සැරසුණු ආලියා ඡායාරූප කීපයක් සමාජ ජාලාවල පල කළා. ටිකෙන් ටික වැඩෙන කුසත් ඇගේ නොවෙනස් වුණු සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර අනුව නම් දැන් දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න පුලුවන් කාලයලු මේ.

කොහොම වුණත් රන්බීර්ගෙයි ආලියාගෙයි දරුවෙක් කියන්නේ එයා කවදාහරි දවසක බොලිවුඩයම දෙවනත් කරන කෙනෙක් වෙයි කියලයි සමහරු නම් කියන්නේ.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.



More In Hot Story