දිවිසැරිය නිම කළ මහරැජිණ ගැන ඇකඩමි සම්මානලාභී සංගීතඥ ඒ.ආර් රහ්මාන් සිය මතකය අවදි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇකඩමි සම්මානලාභී සංගීතඥ ඒ.ආර් රහ්මාන් පසුගිය දිනෙක විශේෂ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කළා. ඔහු එය නිකුත් කර සිටියේ පසුගියදා දිවි සැරිය නිම කළ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින වෙනුවෙන්.

රහ්මාන් ඒ සමඟ සඳහන් කර සිටියේ 'බොම්බේ ඩ්‍රීම්ස්' සංගීත සන්දර්ශනයක් අතරතුර තමා ඇය අවසන් වරට මුණගැසුණු බවයි.

බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ ඇන්ඩෘ ලොයිඩ් වෙබර් නිෂ්පාදනයෙන් දායක වූ 'බොම්බේ ඩ්‍රීම්ස්' රහ්මාන් විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා. එහි ලන්ඩන් නිෂ්පාදනය ආරම්භ වූයේ 2002 වර්ෂයේදී.

පහත දැක්වෙන්නේ රහ්මාන් පල කල ඒ ඡායාරූපය.