දේශගුණික අපරාදකාරියක් වූ කයිලි ජෙනියර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ ඉහළම ආදායමක් උපයන ජනප්‍රිය තරුව ලෙස අදටද නම් කර තිබෙන මෝස්තර නිරූපිකා කයිලි ජෙනියර් මේ වනවිට දේශගුණික අපරාදකාරියක් ලෙස එරට රජය විසින් නම් කර තිබේ. එයට හේතුව ලෙස ඔවුන් නම් කර ඇත්තේ ඇය සිය පෞද්ගලික ජෙට් යානය ගුවන්ගත කර ඇති වාර ප්‍රමාණය වැඩි වී තිබිමයි.

මිලියන 72ක් වටිනා අඩි 56ක් දිගකින් යුත් හා අඩි 8ක් පළලකින් යුත් මෙම පෞද්ගලික යානය ඇය විසින් මිළඳි ගෙන ඇත්තේ 2020 වසරේදී. එතැන් සිට ඇය නිමක් නොමැති ගමනවාර ප්‍රමාණයක් මෙම ජෙට් යානය සමග පියාසර කර ඇති අතර, එය දේශගුණයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පරිසර විශේඥයෝ පවසා ඇත. ඒ අනුව එරට රජය විසින් ඉදිරියේදී ඇයට එරෙහිව නඩු පවරන්නට සූදානමින් සිටින බවද සඳහන් වෙයි.