නයන්තාරා අන්තිමට ෂාරුක්ට කැමති වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ ඇට්ලේ කුමාර් විසින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් යොදා කරන චිත්‍රපටය සඳහා මේ වනවිට නයන්තාරා සම්බන්ධ කරගෙන තිබෙන බව වාර්තා වෙයි. මීට සති දෙකකට පෙර මේ සම්බන්ධව කට කතා කිහිපයක් වාර්තා වු අතර, ෂාරුක් ඛාන් සමග ශ්‍රෑති හසන් හෝ නයන්තරා දෙදෙනාගෙන් කෙනෙකු ඇට්ලේගේ මෙම චිත්‍රපටයේ රඟපාන බවට එහිදි සඳහන් වී තිබුණි.

කෙසේ වෙතත්, අවසානයේදි නයන්තරා, ෂාරුක් සමග මෙහි රඟපැමට කැමැත්ත ලබාදි ඇතැයි වාර්තා වෙයි. එය ඇයගේ පළමු බොලිවුඩ් නිර්මාණයද වීම විශේෂත්වයකි.