නයන්තාරාගේ අන්තිම චිත්‍රපටය සුපිරි නළු ෂාරුක් එක්කද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ ඇට්ලේ කුමාර්ගේ අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බෙලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හා දකුණු ඉන්දීය සිනමාවේ බොහෝ දෙනෙකු ආදරය කරන සුරූපි නයන්තාරා දෙදෙනාය.

පසුගිය සති අන්තයේදී නයන්තාරා පවසා සිටියේ තමන් සිනමා කර්මාන්තයෙන් ඉවත්වීමට මේ වනවිට සැළසුම් කරමින් සිටින බවය. ඒ තම පෙම්වතා වන සිනමා නළු විග්නේෂ් සමගින් විවාහ වීමත් සමග බව ඇය පවසයි. නයන්තාරා වැඩි දුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් ෂාරුක් සමග රංගනයෙන් දායක වන චිත්‍රපටය තමාගේ අවසන් චිත්‍රපටයද වනු ඇති බවය.