නෝරාගේ කතාව ප්‍රතික්ෂේප කරන සුකේෂ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වංචනික ලෙස මුදල් උපැයිමේ චෝදනාවට ලක්ව මේ වනවිට බන්ධනාගාර ගතව සිටින සුකේෂ් චන්ද්‍රසේකර වෙනුවෙන් කට උත්තර ලබාදීමේදී නෝරා පතාහි පවසා ඇත්තේ තමන්ට නිවසක් ලබා ගැනීමට ඔහු විසින් මුදල් ලබාදුන් බවය. 

කෙසේ වෙතත්, මෙවර නඩු වාරයේදී සුකේෂ් සාක්ෂි දෙමින් පවසා තිබුණේ ඇයට නිවසක් ලබා දෙන්නට තමන් මුදල් නොදුන් බවත්, මොරොක්කෝවේ කැසබ්ලැන්කා හි ඇගේ පවුලට නිවසක් මිලදී ගැනීමට තමන්ගෙන් අති විශාල මුදලක් නෝරා විසින් ගත් බවයි. මේ ප්‍රකාශයත් සමග නෝරා මේ වනවිට විශාල අකරතැබ්බයකට මුහුණ දී සිටින අතර, ඇය මේ වනවිට ජැකලින්ට වඩා මෙම නඩුවේ චූදිතයෙකු ලෙස චෝදනා ලබා ඇත.