නිවුන් දරුවන්ට මවක් වූ නයන්තරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය ජූනි 09 වැනිදා විවාහ වූ දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තාරා මීට දින කිහිපයකට පෙර නිවුන් දරුවන්ට මවක් වූ පුවතක් වාර්තා වෙයි. නයන්තාරා හා ඇගේ සැමියා වූ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් ශීවන් දෙදෙනා මෙසේ නිවුන් දරුවන්ට මාපියන් වි තිබේ.

විවාහ වී මාස කිහිපයක් ගෙවෙද්දිම දරු සුරතල් බැලිමට ලැබීමට තරම් තමන් වාසනාවන්ත වූ බව නයන්තාරා සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත. එමෙන්ම ඇය මලයාලි කිතුනුවෙකු වූ අතර, සිය විවාහයෙන් පසුව චෙන්නායි හි ප්‍රසිද්ධ කෝවිලක හින්දු බැතිමතෙකු ලෙස සිය ආගමද වෙනස් කරගත් බව සඳහන් වෙයි.