පැය 48කින් මුළු නිව්යෝර්ක් නගරය පුරාම ඇවිද්ද අනන්යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි අනන්යා පාණ්ඩේ මීට දින කිහිපයකට පෙර ලොවපුරා ජනප්‍රිය ප්‍රකට ස්වර්ණාභරණ ආයතනයක් විසින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වනු ලැබූ  රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වීමට අවස්ථාව ලැබි තිබුණි.

මෙය පැය 48ක කෙටි සංචාරයක් වූ අතර, අනන්යා ඉන් උපරිම පළ ප්‍රයෝජනගත් බව ඇය පවසා තිබේ. මිලියන 24.1ක් සිටින ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම පුරාම අනන්යා විසින් පැය 48ක් තුළ නිව්යෝර්ක් නගරයේදි ගත් ඡායාරූප පළ කර තිබෙන අතර, ප්‍රසිද්ධ අවන්හල්වලදී ආහාර අනුභව කරන හා ප්‍රසිද්ධ ස්ථානවල ඇවිද යන අයුරු ඇයගේ මේ ඡායාරූප එකතුවේ දක්නට ලැබුණි.