ප්‍රභාස්ගේ චිත්‍රපටයක් නරඹන අතර ගින්නක් ඇවිලිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ප්‍රභාස් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් නරඹන අතරතුර එම සිනමා ශාලාව තුළ හදිසි ගින්නක් හටගෙන තිබූ බවට තොරතුරු ලැබේ. මෙසේ ගින්නක් හටගෙන ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශ් හි බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කයේ පිහිටි සිනමා ශාලාවක් තුළදීය.

මීට හේතුව වී ඇත්තේ ප්‍රභාස්ගේ උපන්දිනය එදිනට යෙදි තිබුණ අතර, සිනමා ශාලාව තුළ ඔහුගේ බිල්ලා චිත්‍රපටය ප්‍රදර්ශනය වී තිබුණි. ඔහුගේ රසික, රසිකාවියන් ඊට ප්‍රතිචාර දක්වමින් සිනමා ශාලා පරිශ්‍රයේදි රතිඤ්ඤා පත්තු කර ඇති අතර, එහිදි මෙම ගින්න හටගෙන ඇතැයි සඳහන් වෙයි. මින් ප්‍රේක්ෂකයින්ට හානියක් නොවූ අතර, සිනමා ශාලාවේ පුටු සියල්ල ගිතිබත් වී ඇත.